Hena 7 Logo

Thursday, November 8, 2012

බෞද්ධයා යනු ලිංගය පොලොවට සමාන්තර නොවෙන නපුංසකයෙක් නොවේ

මේ බ්ලොග් පෝස්ටුවේ මතු දැක්වෙන්නේ  වත්මන් රජයට කඩේ යන ජනසේනා නම් බ්ලොගයේ මෙම පොස්ටුවට අදාලව මවිසින් පලකල කොමෙන්ටුවකි.



මේ වන විට ෆේස්බුකිය මූලික කරගෙන සිංහල-මුස්ලිම් කෝලහාලයක් ඇති කිරීමට කිසියම් අන්තවාදී පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. ඒ පිළිබඳව වගකිව යුතු බලධාරීන් තම අවධානය යොමු කළ යුතුයි. යම් කිසි හෙයකින් මේ ජාතිවාදී පැලය මුල් අවධියේම මුලිනුපුටා නොදැමුවොත් එය අපේ ජාතියේ මහත් ඛේදවාචකයක් විය හැකියි.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියන එක හැමෝම මතකයේ තියාගන්න ඕනෙ. අති බහුතරයක් සිංහලයින් සහ බහුතරයක් බෞද්ධාගම අදහන රටක සෙසු ජාතීන් එකී දහමට ගරු කළ යුතුයි. මං මේ කියන්නෙ සුළු ජාතීන් මහ ජාතියට හිස නැමිය යුතුයි කියලා නෙවෙයි, ඒක හරිම ගෝත්‍රික මතයක්. ඒත් අපෙ රටෙ ඉන්න සමහර ඇත්තනගෙ මව් රටවල්වල නම් එහෙම ගෝත්‍රික මතයන් හරි හරියට පිළිපදිනවා.

බෞද්ධාගම කියන්නෙ අහිංසක ආගමක්. සමහර ආගම් වලට විරුද්ධව එක වචනයක්වත් ලිව්වොත් එහි පළිය ගන්නෙ ලේ වලින් කියන එක ප්‍රසිද්ධ රහසක්.

ඒත් බෞද්ධයා එහෙම අන්තවාදී වෙන්නෙ නෑ. ඒත් ඒ නිහඬතාවයෙන් කියන්නෙ බෞද්ධයා යනු ලිංගය පොලොවට සමාන්තර නොවෙන නපුංසකයෙක් කියන කාරණේ නෙවෙයි.

හොඳින් අහගන්න. නිහඬව තමන්ගෙ පාඩුවේ ඉන්න සිංහයාට කෝචොක් කරද්දි සිංහයා වරක් ඉවසාවි, තවත් වරක් ඉවසාවි. ඊලඟ වතාවෙත් විහිලු කලොත් අවදිවන සිංහයා නතර කරන්න මොන ජගතටවත් බැරි වේවි.

සාමකාමි රට විනාස කරන්න හදන්න එපා. ඇමතිවරු අපිව ගස් බැන්දත්, ප්‍රා. සභාපතිවරු ළමයින් දූෂණය කළත්, ඇමති පුත්තු සල්ලාල වැඩ කළත්, නීතිය බල්ලට ගියත් අපි ඉවසන්නම්. සත්තයි. ඒත් සිවිල් අරගලයක් අපේ රටට එපා...

සාමකාමි රට ගිනි තියන්න හදන නපුංසක රැළට හෙණ 7ම ගහන්න ඕනේ.

'මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවියනේ...
රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ..."

රන්වාහිණියේ විලිලැජ්ජා නැතිකම


Monday, January 2, 2012

නපුංසක මැර දේශපාලුන් සහ චණ්ඩි ගම්මාන - Pons Politicians and chandi villages

චණ්ඩියන් බො‍හෝ සිටිති. නමුත් පොරවල් සිටිනුයේ ඉතාමත් සුළු පිරිසකි.
හැම චණ්ඩියෙකු ම පොරක් නොවන්නා‍ සේම, හැම පොරක්ම චණ්ඩියෙකු ද වන්නේ නැත.

ගමේ ගොඩේ ඉස්සර සිටම හිටියේ රා වඩියක්, කසිප්පු පැකට් එකක් ගහලා හවහට හන්දියේ රෙදි උස්සාගෙන තම සතුරන්ට නිවේදන නිකුත් කරන, ජාතිය අමතන චණ්ඩින් ය. නැතිනම් පොඩි උන් හිනස්සන, කුණුහරුප කියන, සිංදු කියන බේබද්දන් ය. ඔවුන් කොයිතරම් බේබදුකම් කළ ද පෝය දාට පන්සලට ගොස් මලක්, පහනක් පූජා කළහ.
කොයිතරම් බේබදුකම් කළ උන් සිටියද උන්ගෙන් බහුතරය වලත්තයින් නොවූහ. ඒ හිත්වල ටිකක් හෝ මනුස්සකම තිබිණ. වෙරි මත හිදී ගිය විට උන් සාමාන්‍ය මිනිහාටත් වඩා උතුම් ගතිගුණවලින් යුත් අය වූහ.

ඒත්... අද ඉන්න චණ්ඩි...! චණ්ඩි අද ඉන්නේ ගම් පි‍ටින් ය.

"...මචං ඌට මොකුත් කියන්ඩ එපා... ඌ ____ එකෙක්..."
"...ඔය අර ____ මුදලාලිගෙ ගෝලයෙක්..."
"...එක කෝල් එකයි ඌ එළියෙ. පව් අර අහිංසකයා නිකරුණේ මැරිලා ගියා... ඔය අර ____ගෙ හෙංචයි‍යෙක්නේ. අම්මපා.. රටේ නීතියක් නැද්ද මං අහන්නෙ..."


මෙවැනි කතා ඔබ කොතෙකුත් අසා තිබෙන්න‍ට පුළුවන. මිනිස්සු චණ්ඩින් වුවද චණ්ඩින් අතර මනුස්සකම තියෙන අය පොරවල් ය. කුපාඩිකම්, වලත්තකම්, අලුගුත්තේරුකම් ඇති චණ්ඩි මේ සමාජය ගිනි තබමින් සිටිති. ඒ අතර චණ්ඩින්ගේ සංසද, සංගම් වැනි ගම්මාන ද බිහිවී තිබේ.

එක් මිනීමරු සල්ලිකාරයෙකු පිරිවරාගත් ගමක පිරිස තම ගම පොරවල් සිටින ගමක් ලෙස හඳුන්වා ගනිති. එවිට, ඒ ගම ආශ්‍රිත කොට්ඨාශය ඊනියා පොරවල්ගේ ඒරියල් එක ය. එහි රන් කරන්නේ තමන්ට ලිංගයක් නැති බව තමා විසින් ම සමාජය ඉදිරියේ ප්‍රකට කරන ඒ මැරයන් ය. කඩවල්වලින් කප්පම් දිය යුතු ය. පොලීසිය නිදි පෙති ගසා නිදියාගත යුතු ය. නැතිනම් බුදියාගත යුතු ය. පොලීසියට බුදියාගන්නට නම් අවැසි අඩුවැඩිය මැර දේශපාලුවාගේ මඩමින් බොහෝ විට ලැබෙයි. කරටි කැඩෙන්නට ගසන්නට උවමනා අඩු වැඩියද තිප්පොලෙන් ම ලැබෙයි.
දැන් ඉතින් මිනිස්සු ඒ ගමට, ඒ ගමේ පොරවල්ට බිය විය යුතු ය. ඒ ගමේ පොන්*යින්ගේ ගොන් පාට් වලට හිස නමා පක්ෂපාතීත්වය දැක්විය යුතු ය. වැරදිලාවත් ඒ චණ්ඩි ගමේ එකෙකුට වචනයක්වත් නොකිව යුතු ය. එහෙම කියල අහුවුණොත් නොමිලයේ ම තමන්ගේ කට දැලි පිහියකින් කපා ගන්නට සිදුවන බවද දැන සිටිය යුතු ය.

ඔව්...!!! අපි තාමත් ඉන්නේ එහෙව් ගම් තියෙන ආශ්චර්යයකට යන රටක ය. කසිප්පු පෙරන, කුඩු විකුණන, ගණිකා මඩම් පවත්වාගෙන යන, හොර දැව ජාවාරම් සිදු කරගෙන යන, කප්පම් ගන්න, මංකොල්ල කන... එකී මෙකී නොකී කුපාඩිකම්, වලත්තකම් කරන අධම, නීච, නිහීන, අශික්ෂිත, වලත්ත දේශපාලුවන් පෙරටුකරගත් එවන් ගම්මාන අද කොතෙකුත් රට පුරා තිබේ. ගමේ පොර එක්කෝ දේශපාලුවෙකි. එහෙමත් නැතිනම් දේශපාලුවකුගේ හෙංචයියෙකි. සුවච, කීකරු අත් උදව් කාරයෙකි. කුළියට මිනීමරන්නෙකි.

ඡන්දයක් ළඟ එන විට ගරු ඇමතිතුමා, චුට්ටක් ගරු මන්ත්‍රීතුමා තම හෙංචයියන් සොයාගෙන එති. අහවලාට ඇසිඩ් ගහන්නට, මරන්නට, අහවලාගේ දුවව දූෂණය කරන්නට, කොටන්නට, කැති ගාන්නට, දැලි පිහි පාරක් දෙන්නට, පෝස්ටර්ස් ඉරන්නට, කළුතෙල් ගාන්නට අණ දෙති. එලෙස මැරයන්ට විධාන දෙන අපේ ගරුම ගරු මැති ඇමතිවරු පොදු මහජනතාව ඉදිරියට එන්නේ යට ඇඳුම් ගලවලා දැයි සොයා බැලිය යුතු ය. ජනතාව ඉදිරියේ පෙනී ඉන්නේ දැන් බුදු වුණා වගේ ය. මැති ඇමතිවරුන් ළඟ ඉන්න අග සව්වන් වැනි උන් ඉන්නේ දැන් රහත් වුණා වගේ ය.

පක්ෂ කාර්යාලවලට ගිනි තබන්ට එහෙව් මැති ඇමති(හිටපු)/ ඡන්ද අපේක්ෂකයින් අණ දෙති. මුදල් දෙති. බෝතල් සිගරට් නොඅඩුව දෙති. හොර ඡන්ද දමන්නට අවශ්‍ය පහසුකම් සපයා දෙති. තම හෙංචයියන්ට ඒරියල් එකේ රන් කරන්නට ඉඩ සලසා දෙමින් පොලීසියට නිදිපෙති දෙති. පෙලීසිය නිර්වින්දනය කරති. පොලීසිය නපුංසක කරති.

සුපින්වන්වත් ඡන්ද දායකයිනි...!!! ඔහොම කරගෙන යනකොට ටික දවසකින් මැතිවරණ ප්‍රතිඵල අනුව මැර දේශපාලුවන් ප්‍රාදේශිය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේනතුවට තේරී පත්වෙති.(හොර ඡන්දවලත් පිහිට ඇතුව) දැන් ඉතින් මැර දේශපාලුවන්ට වැඩ කළ, සහාය දුන් ගමේ චණ්ඩියා පොරගෙත් පොර ය. පොලීසිය නිහඬ ය. මන්ත්‍රීටත් වඩා ගෑස් පෙන්වන්නේ ඌ ය.

ඔහොම යනකොට චණ්ඩියාටත් ඡන්දය ඉල්ලන්නට සිතෙයි.

"මාත් පොරක්...!!!" ඌ හිතන්නේ එහෙම ය.
මට සල්ලි තියෙනවා. බලය තියෙනවා. ඇමතිතුමත් උදව් කරයිනේ...
මේ නපුංසක(පොන්*) මැරයා තම මූණත්තහඩුව පෝස්ටරයක අලවා නගරය පුරා, ගම පුරාඅලවන්නේ ය. හරියට‍ රෙදි ගලවා නගරයේ, ගමේ ඇවිදිනවා ඊටත් වඩා හොඳ ය. මිනිස්සු උගේ පොන්ස්කම දනිති. කරන්නට තිබෙන හැම වල් වැඩේ ම, කුපාඩි වැඩේ ම කර චණ්ඩියෙකු ලෙස සමාජය විසින් ම ලේබල්කරණය කරන ලද මේ මැරයා දැන් ඡන්දය ඉල්ලන හැටි දකින මිනිස්සු අධෝ මාර්ගයෙන් ද සිනාසෙති. අනෙක් අතට බිය වෙති.

...පිරිසිදු දේශපාලනය... තනි ඇහැට ඇඬෙන්නේ ඒ ටෝක් එක දකින විට ය. කඳුළු එනවද??? නැහැ. නැහැ. කඳුළු එන්නේ නැහැ.
උගේ පිරිසිදු දේශපාලනයේ තරම දන්නේ අපි ය. පිරිසිදුකම දේශපාලනයේ තබා උගේ ලිංගයේවත් නැති බව දන්නෝ දනිති.

අපේ ඇතැමුන්ට නම් මඟුල් වගේ ය. කඩපොලේ දී දුන් පොරටෝක්ස්(ආපු දෙන්කො උන්දෑ ඡන්දෙ ඉල්ලන්ඩ... මං ඉලපතෙන් ගහල එළවන්නෙ...) මතක නැත. අර චණ්ඩියාගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කරන්නට යන්නේ විලිලැජ්ජා නැතුව ය. බත් පැකට් එකට, අරක්කු බෝතලයට, රුපියල් පන්සීය වෙනුවෙන් වැඩ කරති. පෙළපාළි යති. මැර ඡන්ද අපේක්ෂකයාගේ ගුණ ගයති. ප්‍රශස්ති කියති. පවතින රජයේ ඇත්තෝ තොත්ත බබාලා සේ මැරයා ගැන නොදන්නා ගාණට ඇක්ට් කරයි.

මැරයා වේදිකාවට ඇවිත් පොරටෝක්ස් වරුසාවක් අතඅරී. කට හොල්ලනකොට මිනිස්සු බිය වෙති. මිනීමරන්නට, මංකොල්ලකන්නට අණ දුන් මැරයා ස්ටේජ් එකේ ජාතික ඇඳුමින් සැරසී ජාතික දේශපාලනයේ තමන්ගේ පිරිසිදු භූමිකාව ගැන කතා කරති. පට්ට ආතල් ය. ෆට්ට ම ෆට්ට ය. පට්ට පට පට ය.

"පොර දිනලා බං..."

දැන් ඉතින් කුපාඩි මැරයා මන්ත්‍රීවරයෙකි. ඌ හිටියාටත් වඩා පොරකි. උගේ ගම තිබුණාටත් වඩා පොරවල් සිටින ගමකි. දැන් කුඩු අල්ලන්නට කවුරුත් එන්නේ නැත. කසිප්පු අල්ලන්නට ආවත් එන්නේ කලින් ම නිවුස් එක දීගෙන ය. ඒ ගමට යන්නට කවුරුත් බය ය. කොයි වෙලාවේ ටවුන් එකේදී ෂොට් එක හම්බවේදැයි මිනිස්සු බයෙන් සිටිති.

අනෙක් අතට තරුණ වියේ ගැහැණු ළමයි ඊටත් වඩා බය ය. චණ්ඩි ගමේ එකෙක් ක්ලාස් එකකට ආවොත් ඌ ඒ ක්ලාස් එකේ ද පොර ය. සර්ටවත් බය නැත. ගෞරවයක් නැත.

"ආ... නංගී..." ශෘගාරාත්මක කතා, අමු වලත්තකම් අර චණ්ඩි පුතාගේ මුවින් පිටවන විට තරුණිය ඉවසා වදාරා සිටිය යුතු ය.



යකෝ මේවාගේද අවසානයක් තිබිය යුතු ය. පොන්* මැරයන්ගේ ලිංග නොමැතිකම ප්‍රදර්ශනය කරන්නට මේ තරම් ඉඩ දෙන්නේ නිසි බලධාරීන්ගේ නපුංසකකම ද ප්‍රකට කරන්නටද?
පොලීසියට විද්ද නිර්වින්දන බෙහෙත ඉවත් කර පොලීසියට ස්වාධීනත්වයක් ලබා දිය යුතු නොවන්නේද? සංගීත ප්‍රසංගවල ගැටුම් ඇති කරන්නට මුල්වන චණ්ඩි ගම්මාන අතුගා දැමිය යුතු නැද්ද? මෙවැනි චණ්ඩින් සිටින ගම්මාන හෙලා දැකිය යුතු ය. මේ රටේ උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් බලපැවැත්වෙන්නේ එකම නීතියකි. එක එකාගේ නපුංසක ගති වෙනුවෙන් නීතිය වල් වැද්දිය යුතුද?
නීතියය අකුරටම ක්‍රියාත්මක කළ යුතු ය. කොයි වකවානුවක හෝ පවතින රජයේ දේශපාලුවන්, මැර දේශපාලඥයින් සිටී නම්, මැරයින්ට/ අපරාධකරුවන්ට රැකවරණය දෙන උන් සිටී නම් වහාම උන්ව දොට්ට දැමිය යුතු ය.

එහෙම නොවුණහොත් එයින් ගම්‍ය වන්නේ පවතින පාලන අධිකාරියේ නපුංසකකම ය.